මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට සහ සමස්ත ශ්‍රී ලංකාවේ ම දෙවැනි වරට, අති උත්කර්ෂවත් අයුරින් සංවිධානය කරන ලද ලංකාවේ ලස්සනම ඉටිපන්දම් ආලෝකයෙන් හැඩ වූ චෙස් රාත්‍රිය, Kandy Candle Night - 2023
2023.12.19 වැනි දින සවස 6.30 සිට මහනුවර, පොල්ගොල්ල පිහිටි NICD පරිශ්‍රයේදී ශ්‍රී ලංකාවේ දසත විහිදී පැතිරී සිටි, චෙස් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300ක් සමගින් උත්සවශ්‍රීයෙන් රැය පහන් කල වගයි..! එහි පුංචි මතක සටහන් කීපයකි මේ. (තවත් ඡායාරූප නැරඹීම සඳහා පහත ලින්ක් එකෙන් අපගේ ෆේස්බුක් පිටුවට පිවිසෙන්න.)
Facebook Page : https://web.facebook.com/thefuturechessacademy?mibextid=ZbWKwL&_rdc=1&_rdr
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රාත්‍රී චෙස් සැනකෙළියක මුල් පියවර The Future Chess Academy අප විසින් සනිටුහන් කළ වගයි..! 2023.10.07 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවැත්වූ Future Candle Night 2023 රාත්‍රී රැපිඩ් චෙස් තරගාවලියේ සුන්දර මතක සටහන්..!
![]() |
The Future Team |
2023.06.10 වනදා අප ආයතනයේ නුවරඑළිය ශාඛාව විසින් සංවිධානය කල Little England Chess Fiesta 2023 සමස්ත ලංකා කේවල චෙස් තරගාවලිය, මඩකළපුව, මහනුවර, යාපනය, බණ්ඩාරවෙල, මහනුවර, බදුල්ල ආදී දිවයිනේ සෑම දෙසින්ම පැමිණී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200කට අධික පිරිසකගේ සහ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් වල සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස පවත්වා අවසන් කරන ලදී...!
2022.09.24 සහ 25 වැනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවැත්වූ Future Champions Trophy තරගාවලියේ සුන්දර මතක සටහන්..!
No comments:
Post a Comment